පාකිස්තානයේ විදුලි කප්පාදුවකින් දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
රට පුරා සිදු වූ විදුලි කප්පාදුව නිසා ජනතාව ඉමහත් පීඩාවට පත්ව ඇති බවයි පාකිස්තාන මාධ්‍ය සදහන් කළේ. මේ හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ද ඇති වුණා. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ. පාකිස්තානයේ ප්‍රධාන නගර වන ඉස්ලාමාබාද්, ලාහෝර්, කරච්චි ආදිය ද ඊයේ දිනයේ අදුරේ පැවති බව විදෙස් මාධ්‍ය සදහන් කළා. පාකිස්තානයේ බලශක්ති අමාත්‍ය ඕමාර් අයුබ් ඛාන් පැවසුවේ පුළුල් විමර්ශනයක් මේ සම්බන්ධයෙන් ආරම්භ කර ඇති බවයි.
The post පාකිස්තානයේ විදුලි කප්පාදුවකින් දැඩි අර්බුදකාරී තත්වයක් appeared first on ITN News.
Post a Comment