ඇමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩලය තේරී පත්ව සිටින ජනාධිපති ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරුකර තිබෙනවා.
මේ සදහා සෙනට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඇමෙරිකාවේ මීළග ජනාධිපතිවරයා ජෝ බයිඩන් වන අතර කමලා හැරිස් උප ජනාධිපති ලෙස පත්කිරීමට නියමිතයි.
තීරණාත්මක සෙනට් ඡන්දයේ ප්‍රතිඵල නිකුත්වෙමින් පවතින අතරතුර ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළුවී එහි පාලනය සියතට ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කටයුතුකළා.
මේ වනවිට කළහකාරී තත්ත්වය පාලනය කිරීමට හැකිව ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ.
The post ජෝ බයිඩ්න්ගේ මැතිවරණ ජයග්‍රහණය කොංග්‍රසය තහවුරුකරයි appeared first on ITN News.
Post a Comment