ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවූ කලහකාරී තත්ත්වය ලෝක නායකයින්ගේ අවධානයට යොමුවී තිබෙනවා.
රුසියාව , චීනය , එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක් මෙම සිද්ධිය හෙළාදකින බවයි සඳහන් කරන්නේ. තීරණාත්මක සෙනට් ඡන්දයේ ප්‍රතිඵල නිකුත්වෙමින් පවතින අතරතුර ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළුවී එහි පාලනය සියතට ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කටයුතුකළා. අවිගත් විරෝධතාකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළුවී දේපලවලට දැඩි අලාභ හානි සිදුකර තිබෙනවා. තත්ත්වය පාලනය කිරීමට පොලීසිය මෙන්ම අමතර හමුදා කණ්ඩායම් යෙදවීමට ද කටයුතු කළා. එහිදී පොලිස් වෙඩිපහරින් 4 දෙනෙකු මියගිය අතර 50 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. කොංග්‍රස් ගොඩනැගිල්ල තුළ තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සනාථ කිරීමේ රැස්වීම නැවත ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
The post වොෂින්ටන් නුවර ඇති වූ කලහකාරී තත්ත්වය ලෝක නායකයින්ගේ අවධානයට appeared first on ITN News.
Post a Comment