Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ඉපැයූ ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට  

Add comments

අමාත්‍යවරයෙකුගේ ලිපි ලේඛන හා අත්සන ව්‍යාජ ලෙස භාවිත කරමින් කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ඉපැයූ ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගත්තා.

කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ඉපැයූ මෙම ජාවාරම සිදු කර ඇත්තේ අත්තනගල්ල ප්‍රදේශයේදීයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නිට්ටඹුව පොලීසිය සමත් වුණා. මෙම පිරිස සිය දෙනෙකුගෙන් පමණ වංචනිකව මුදල් ලබාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වුණා. කොරියාවේ රැකියා ලබා ගැනීමට පැමිණෙන පිරිස රුපියල් දහසක් ගෙවීමෙන් ලියාපදිංචි කිරීමට වංචාව සිදුකළ පිරිස ක්‍රියා කර තිබෙනවා. පුහුණුව ලබාදීමට බව පවසමින් පසුව එක් අයෙකුගෙන් තවත් රුපියල් පහළොස් දහස බැගින් ලබාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

 

 

The post කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ඉපැයූ ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG