Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවම කළු කරපු ට්‍රම්ප්ට වහාම ගෙදර යන්නැයි දැඩි බලපෑම්  

Add comments

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියමිත දිනට පෙර සිය ධූරයෙන් ඉවත්ව යා යුතු බවට පාර්ශ්ව රැසකගෙන් විරෝධය එල්ල වනවා.

ඇමරිකා දේශපාලන ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ  ට්‍රම්ප් ඉවත් නොවන්නේ නම් ඔහුට එරෙහි දෝෂාභියෝගයක් ගෙන බවයි එරට කතා නායක නැන්සි පෙලෝසි පවසන්නේ.

ඇමරිකාවේ වොෂින්ටන් නුවර කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලේ ඇති වූ සිද්ධියෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි ලෙස විරෝධතා එල්ල වුණා. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි පස්වන සංශෝධනයට අනුව උප ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ අට දෙනෙකුගේ ඉල්ලීමකින් ජනාධිපතිවරයා ඉවත් කිරීමේ හැකියාව පවතිනවා. නියමිත දිනට පෙර ජනාධිපතිවරයා  ධූරයෙන් ඉවත් කළහොත් එරට උප ජනාධිපති ලෙස කටයුතු කරන මයික් පෙන්ස් ජනවාරි විසි වෙනිදා දක්වා එම තනතුරේ කටයුතු කරනු ඇති.

 

 

The post ඇමරිකාවම කළු කරපු ට්‍රම්ප්ට වහාම ගෙදර යන්නැයි දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG