ඇමෙරිකාවේ තේරී පත්වසිටින ජනාධිපති ජෝ බයිඩන් එරට මීළග ජනාධිපතිවරයා ලෙස තමා පිළිගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නිවේදනය කළා.
ප්‍රථමවරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කළා. පසුගිය නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේ වංචා සිදුවූ බවට දිගින් දිගටම චෝදනා කළ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ස්ථාවරය වෙනස් කරමින් සිදුවූ සියල්ල පිළිබදව තමා කණස්සල්ලට පත්වන බව වැඩිදුරටත් කියාසිටිනවා.
තම පාක්ෂිකයින් වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදී ඇති කල නොසන්සුන්තාවය පිළිබදවද තමාගේ කණගාටුව පළකරන බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.
The post ජෝ බයිඩන් මීළග ජනාධිපතිවරයා ලෙස තමා පිළිගන්නා බව ට්‍රම්ප් කියයි appeared first on ITN News.
Post a Comment