කෝවිඩ් නයින්ටීන් හෝ ඉදිරියේ එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් ජනතාවට කන්න දෙන්න වත්මන් රජය සූදානම් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.
වී අලෙවි මණ්ඩලය මඟින් රජයට මහා කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්‍ෂ 3 ක් මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ආරම්භ කරමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
අම්පාර, අක්කරෙයිපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී මෙම උත්සවය පැවැත්වුණා.
සම්බා වී කිලෝවක් රුපියල් 52 කට හා නාඩු කිලෝවක් රුපියල් 50 ක සහතික මිලකට මිලදී ගැනීමට රජය මෙහිදී කටයුතු කරනවා. රජය සතු වී සංචිත තුළින් සහල් මාෆියාවට පිළිතුරු දීම රජයේ අරමුණ බව ද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියාසිටියා.
The post ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් ජනතාවට කන්න දෙන්න වත්මන් රජය සූදානම් appeared first on ITN News.
Post a Comment