Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයේ නව ශ්‍රී ලංකා තානාපති රාජකාරී අරඹයි  

Add comments

ජපානයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස සංජීව් ගුණසේකර මහතා රාජකාරී ආරම්භ කළා.

ජපානයේ ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ උත්සවයකින් අනතුරුවයි තානාපතිවරයා ධුරයේ රාජකාරී ආරම්භ කළේ. සංජීව් ගුණසේකර මහතා ජපානයට පත් කෙරුණු 17වන ශ්‍රී ලංකා තානාපතිවරයා වනවා. 69 වසරක ජපාන ශ්‍රී ලංකා ද්වී පාර්ශ්වීය සබදතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බව ඔහු මෙහිදී කියා සිටියා.

ශ්‍රී ලංකාව තුළ ආයෝජන මෙන්ම ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා  ලබා ගැනීමට ද ඉදිරියේ දී කටයුතු කරන බවයි සංජීව් ගුණසේකර මහතා මෙහිදී තවදුරටත් අවධාරණය කළේ.

සර්ව ආගමික නායකයන් ඇතුළු  පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

 

 

The post ජපානයේ නව ශ්‍රී ලංකා තානාපති රාජකාරී අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG