මෙරට ඉතිහාසයේ කිසිදා වාර්තා නොවුනු ආගන්තුක වයිරස් රෝගයක් ගවයින් අතර දැන් ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා.
කැෆ්රි ෆොක්ස් නමැති මෙම රෝගය දැනටමත් දිස්ත්‍රික්ක 14 ක විතර තියෙනවා. ගවයින්ගේ ශරීරය පුරාම සමේ ගැටිති ඇතිවීම, සතුන් උදාසීනවීම, උණ ගතිය වගේම ඇස් හා නාසයෙන් ශ්‍රාවයක් පිටවීම වයිරසයට ගොදුරු වූ ගවයින්ගේ දැකගන්න පුළුවන්.
ඒ වගේම මේ සතුන්ගේ කිරි නිෂ්පාදනය හා ප්‍රජනන හැකියාව දුර්වලවීම ද සිදුවන බවයි ගන්නෝරුවේ පැවති මාධ්‍ය හමුවකදී හෙළිවුණේ.
The post ආගන්තුක වයිරස් රෝගයක් මෙරට ගවයින් අතර ශීඝ්‍රයෙන් පැතිර යයි appeared first on ITN News.
Post a Comment