අනතුරට ලක් වූ ඉන්දුනීසියා ගුවන් යානය පසුගිය මාසයේ තත්ත්ව පරික්ෂණවලින් සමත් වූ යානයක් බව එරට ශ්‍රී විජය ගුවන් සේවය පවසනවා.
පසුගිය සෙනසුරාදා මෙම යානය අනතුරට ලක් වන විට එහි මගින් 62 දෙනෙකු ගමන් කරමින් සිටිනවා. ඉන් පසුව ජාවා මුහුදු තීරයේ තිබී යානයේ බවට සැක කළ හැකි කොටස් මෙන්ම පුද්ගල සිරුරු ද සොයා ගැනුණා. බෝයිං 737 වර්ගයේ යානය පසුගිය මස 14 වනදා පැවති තත්ත්ව පරික්ෂණයෙන්ද සමත්ව තිබෙනවා. දැනට හෙළිකර ගෙන ඇති පරිදි එහි පංකාවේ දැත්තක හටගත් පළුදු වීමක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බව විශ්වාස කෙරෙනවා.
The post අනතුරට ලක් වූ ඉන්දුනීසියා යානය තත්ව පරීක්ෂණවලින් සමත් වූ යානයක් appeared first on ITN News.
Post a Comment