තමාගේ ප්‍රචාරණ කටයුතු සඳහා පෞද්ගලික සමාජ මාධ්‍ය ජාලයක් නිර්මාණය කර ගන්නා බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල ට්විටර් ගිණුම ස්ථිර වශයෙන්ම අත්හිටුවීමට ට්විටර් සමාගම තීරණය කළ පසු ඔහු මේ බව ප්‍රකාශ කළා.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික ට්විටර් ගිණුම ස්ථිරවම අත්හිටුවීමට ට්විටර් සමාගම පියවර ගත්තේ ඒ හරහා ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීම හේතුවෙන්. ඉන් අනතුරුව නව ක්‍රමවේදයක් භාවිතයට ගනිමින් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයක් නිතුක් කිරීමට ඔහු පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුගියදා ට්‍රම්ප්ගේ ආධාරකරුවන් වොෂින්ටනයේ කැපිටල් හිල්හි කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩා වැදී ඇති කළ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඔහු ඇමෙරිකානුවන්ගේ මෙන්ම ජාත්‍යන්තරයේද අප්‍රසාදයට ලක්වුණා.
The post ප්‍රචාරණ කටයුතු සඳහා පෞද්ගලික සමාජ මාධ්‍ය ජාලයක් නිර්මාණය කර ගන්නා බව ට්‍රම්ප් කියයි appeared first on ITN News.
Post a Comment