Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත්‍රස්තයන් වෙන්න ගිය යාපනයේ ශිෂ්‍යයන් STF ඉදිරියේ දණ නමයි  

Add comments

විශ්වවිද්‍යාල භූමියේ තිබුණු ස්මාරකයක් ඉවත් කිරීම නිසා ශිෂ්‍යන් අතරින් නොසන්සුන්තාවයක් හට ගැනුණා. පොලිසියටත්,  විශේෂ කාර්ය බලකායටත් මැදිහත්වීමෙන් තත්වය පාලනය කර තිබෙනවා.

යුද්ධයෙන් මිය ගිය අය සිහි කිරීම වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාල භූමියේ ස්මාරකයක් නිර්මාණය කර තිබූ අතර ඒය මුල්ලිවෛක්කාල් ස්මාරකය ලෙසයි හැදින්වූයේ. විශ්වවිද්‍යාල පාලන අධිකාරිය මේ ස්මාරකය ඉවත් කිරීමට ක්‍රියා කළා. ඒයට විරෝධය දැක්වීමට යාපනය විශ්වවිද්‍යාලය ශිෂ්‍යන්,  ප්‍රදේශවාසීන් සහ දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකු පියවර ගෙන තිබුණා. ඒත් සමගම ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාලනය කරන්න විශ්වවිද්‍යාලයට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂා යෙදවීමට පියවර ගැනුණා.

ස්මාරකය ඉවත් කළ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කරුණු පැහැදිලිකළා. අද දිනයේ ද විශ්වවිද්‍යාලයට මේ විදිහට ආරක්ෂාව යොදවල තියෙනවා.

මේ අතර මේ ස්මාරකය ඉවත් කරපු එක ගැන තමිල්නාඩු මහ ඇමතිවරයා ඇතුළු දේශපාලනඥයින් පිරිසක් ශ්‍රී ලංකා රජයට චෝදනා කරනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරපු මහ ඇමති කේ. පලනි ස්වාමී මේ විදිහට විරෝධය දක්වනවා. සිද්ධිය ගැන අමාත්‍ය සරත් වීරසේකර මහතාත් අදහස් පළකරනවා.

 

 

 

The post ත්‍රස්තයන් වෙන්න ගිය යාපනයේ ශිෂ්‍යයන් STF ඉදිරියේ දණ නමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG