ලොව පුරා රටවල් 218 කින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව කෝටි නවය ඉක්මවා ගියා.
ගතවූ පැය 24ට සමස්ත ලෝකයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 727014ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. වැඩිම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඇමරිකාවෙන්. ඊයේ දිනයේ දී ආසාදිතයින් 249519 දෙනෙකු එරටින් හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 3235ක්. ඒ සමගම එරට ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි විසි හත් ලක්ෂයකට ආසන්න වනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ අසූ එක් දහස ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊයේ දිනයේදී බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 1,035 ක් සිදුවීමත් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව අසූ දහස ඉක්මවා ගියා. කොරෝනා වයිරස නව ප්‍ර භේද කිහිපයක් ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම අතිශය භයානක තත්ත්වයක් උද්ගත කරන බවයි විශ්ලේෂකයින් පවසන්නේ.
The post ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 9 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment