Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ETI හිටපු අධ්‍යක්ෂවරුන් සිව්දෙනා ලබන 12 වනදා තෙක් රිමාන්ඩ්  

Add comments

ඊටීඅයි මූල්‍ය වංචාව සමාජයේ වඩාත් කතාබහට ලක්වුණා. ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ එදිරිසිංහ පවුලේ සාමාජිකයන් හතර දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන්න අධිකරණය නියෝග කළා.

ස්වර්ණමහල් ජුවලරි ආයතනයේ සිදුකළ අපරාධමය ක්‍රියාවන් සම්බන්ධයෙන් ඊටීඅයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් සිව් දෙනා ඊයේ යළි අත්අඩංගුවට ගනු ලැබුවා. මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන සිව් දෙනායි.

මෙම සැකකරුවන් සිව් දෙනා  මීට පෙර ස්වර්ණමහල් ආයතනයේ මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබුණා. යළි අත්අඩංගුවට ගැණුනු මෙම සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් ලබන දොළොස්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ.

The post ETI හිටපු අධ්‍යක්ෂවරුන් සිව්දෙනා ලබන 12 වනදා තෙක් රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG