අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කසාගල පුරාණ රජමහා විහාරාධිපති පූජ්‍ය මැල්සිරිපුර විමලරත්න නාහිමියන් බැහැදැක සුවදුක් විමසුවා.
කොවිඩ් නයින්ටීන් වසංගතය හමුවේ ජන ජීවිතය නගා සිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදවත් රජයේ ඉදිරි ශාසනික සහ සමාජයීය කටයුතු පිළිබදව මෙහිදී අග්‍රාමාත්‍යවරයා උන් වහන්සේ දැනුවත් කළා. ධර්මානුකූල පිළිවෙත් පිලිබදව අනුශාසනා කළ පූජ්‍ය මැල්සිරිපුර නාහිමියන් අගමැතිතුමාට ආශිර්වාද එක් කළා. මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියා. මේ අතර පොල්පිතිගම සංස්කෘතික මධ්‍යස්ථානය අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතාවට භාර කළා. බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගිනුයි මෙම සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකර තිබෙන්නේ. රට හදන සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් මෙම මධ්‍යස්ථානය ඉදිකෙරුණා. ඒ සදහා වැයකරපු මුදල රුපියල් මිලියන 25 ක් වෙනවා. සංස්කෘතික මධ්‍යස්ථානයට ඕනකරන භාණ්ඩ ආදියත් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබාදුන්නා. මේ අවස්ථාවට මැතිඇමතිවරුන් වගේම නිලධාරීන් පිරිසක් ද සහභාගිවෙලා හිටියා.
The post අගමැති කසාගල පුරාණ රජමහා විහාරාධිපති බැහැ දකී appeared first on ITN News.
Post a Comment