Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගල් කොරියක් නිසා වරකාපොල ගල්ලෙන් විහාරය අසල පුරාවිද්‍යාත්මක ස්ථානවලට දැඩි හානි  

Add comments

කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ‌ෙඑතිහාසික ගල්ලෙන් විහාරය අසල ගල් කොරියක් පවත්වාගෙන යාම නිසා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථානවලට දැඩි හානි සිදුවී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

මේ පිළිබද සොයා බැලීම සදහා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එම ස්ථානයට පැමිණියා. දින තුනක කාලයක් ඇතුළත පුරාවිද්‍යා ස්ථානය පිළිබදව වාර්තාවක් ලබාදෙන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා පුරාවිද්‍යා නිලධාරීන්ට දැනුම් දුන්නේ. පුරාවිද්‍යා වටිනාකමක් ඇති සදකඩ පහනක් ඇතුලු ස්ථාන කිහිපයකට හානි සිදුවී ඇති බව ගම්වාසීන් පවසනවා. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ කලක් සගවා තිබූ බෙලිගල විජයසුන්දරාරාමයට ද මෙම ස්ථානය සම්බන්ධ බවයි සදහන් වන්නේ. විහාරස්ථානයේ වැඩවසන ස්වාමීන් වහන්සේටද පැමිණීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව අප වාර්තාකරුවන් පැවසුවා.

 

 

 

 

 

The post ගල් කොරියක් නිසා වරකාපොල ගල්ලෙන් විහාරය අසල පුරාවිද්‍යාත්මක ස්ථානවලට දැඩි හානි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG