කොළඹ වරායේ නැගෙනහිර ජැටිය අන් සතු කරන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කළා. එය 100%ක්ම වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බව අග්‍රමාත්‍යවරයා සඳහන් කළා.
වත්මන් රජයේ ප්‍රධානම ප්‍රතිපත්තිය වන දේශිය සම්පත් අලෙවි නොකිරීම යටතේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිඳු රටකට අලෙවි කිරීම හෝ පාලනයට නොදෙන බවයි අගමැතිතුමා අවධාරණය කරන්නේ. නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව හා අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ. කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය හා පාලනය විදේශ රටකට ලබා දීමට රජය කටයුතු කරන බව පවසමින් වෘත්තීය සමිති එකමුතුව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණා. අග්‍රාමාත්‍යවරයා ලබා දුන් තීන්දුවත් සමඟ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට දිනයේ සිට අත්හිටුවීමට ද වෘත්තීය සමිති එකමුතුව එකඟ වුණා.
The post නැගෙනහිර ජැටිය 100%ක් වරාය අධිකාරියට appeared first on ITN News.
Post a Comment