ඇවන්ඩ්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුලු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය මාර්තු තුන් වෙනිදා යළි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙනුයි නීතිපතිවරයා මෙම නඩුව ගොනු කළේ.
නඩුව ආදිත්‍ය පටබැදිගේ මංජුල තිලකරත්න හා එම් ඩබ්ලිව් ඒ කේ වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබුවා. එහිදී විනිසුරු මඩුල්ල තීරණය කළේ නඩුවට අදාළ විත්තියේ සාක්ෂි කැදවීම ලබන මස 3 වන දින සිදු කිරීමටයි. තම සේවාදායකයා පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බැවින් අධිකරණය හමුවේ අද පෙනී නොසිටින බව නිශ්ශංක සේනාධිපති මහතාගේ නීතිඥවරයා දැනුම් දුන්නා. ඒ බව තහවුරු කරන ලිපියක් ද නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළා.
The post නිශ්ශංක සේනාධිපති ඇතුලු 8 දෙනෙකුට එරෙහි නඩු විභාගය මාර්තු 3 දක්වා කල් යයි appeared first on ITN News.
Post a Comment