බලපත්රයක් නොමැතිව අලි පැටවෙකු සන්තකයේ තබාගත් බවට චෝදනා එල්ල කරමින් අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඇතුලු විතිතිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන මස 24 වනදා සිදුකිරීමට කොළඹ මහාධිකරණය නියම කළා.
ඒ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ නඩුව අද කැදවූ අවස්ථාවේදීයි. එදින සාක්ෂි දීම සදහා සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විනිසුරුවරයා සිතාසි නිකුත් කළා. නිසි බලපත්රයක් නොමැතිව සකුරා නමැති අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීමෙන් පොදු දේපළ පනත මෙන්ම වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් තිළිණ ගමගේ මහතා ඇතුලු විත්තිකරුවන්ට එරෙහිව නඩුව ගොනුකර තිබෙනවා.
The post තිළිණ ගමගේ ඇතුලු 4 දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන මස 24 වනදා appeared first on ITN News.
Post a Comment