ඉන්දුනීසියාවේ හා නැගෙනහිර ටිමෝරයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අධික වර්ෂාව හේතුවෙන් නාය යෑම් ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ. නිවාස දහස් ගණනක් විනාශයට පත්ව ඇති අතර අවතැන් වූ ජනතාව සහන කඳවුරු වෙත යොමු කර තිබෙනවා. ජලාශ කිහිපයක්ම පිටාර ගලා ඇති බවද එරට මාධ්‍ය සඳහන් කරනවා. අයහපත් කාලගුණය හේතුවෙන් 09 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අතුරුදන් වූ තවත් පුද්ගලයින් 27 දෙනෙකු සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
The post ඉන්දුනීසියාවේ හා නැගෙනහිර ටිමෝරයේ ගංවතුර හේතුවෙන් 50දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment