කෝවිඩ් වසංගතය හිස එසවීමත් සමඟ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට ඇදිරිනීතිය පැනවීමට බලධාරීන් අවධානය යොමු කර තිබෙනවා.
අද දිනයේ සිට නව සීමා කිරීම් පැනවීමටයි ප්‍රාන්ත බලධාරීන් සැලසුම් කර ඇත්තේ. සති අන්තයේදී සම්පූර්ණයෙන් ප්‍රාන්තය වසා දැමීමටද තීරණය කෙරුණා. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඉන්දියාවේ වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාවේ ඉහළම අගය ඊයේ සටහන් වුණා. ඒ දිනක් තුළ වාර්තා වූ කොරෝනා රෝගීන් 93249ක් සමඟින්. ඉන්දියාවේ විශාලතම නගරය වන මුම්බායි පිහිටා ඇත්තේ ද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රාන්තයේ කටයුතු සොයා බැලීම සඳහා විශේෂඥ කණ්ඩායමක්ද පිටත් කර හැර තිබෙනවා.
The post කෝවිඩ් හිස එසවීමත් සමඟ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට නව සීමා පනවයි appeared first on ITN News.
Post a Comment