ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු දේශපාලනික වශයෙන් මෙන්ම අධිකරණය හමුවේ ද බරපතල ගැටලු රැසකට මුහුණපා සිටින බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
දූෂණ චෝදනා එල්ල වී ඇති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග මේ වන විට ආරම්භ කර තිබෙනවා. විදුලි සංදේශ සමාගමකට ඇමෙරිකා ඩොලර් මිලියන 500ක් පමණ වටිනා ගනුදෙනුවක් සිදු කිරීමට අවස්ථාව ලබා දෙමින් සිදු කළ දූෂණයක් සම්බන්ධයෙන් මූලික අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වනවා. ඊට අමතරව නෙතන්යාහු හා ඔහුගේ බිරිද ඇමෙරිකා ඩොලර් දෙලක්‍ෂ දසදහසක පමණ ත්‍යාග ලබා ගැනීම සම්බන්ධයෙන් ද අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ වී තිබෙනවා. ඊශ්‍රායලය වැඩිම කලක් පාලනය කළ අග්‍රාමාත්‍යවරයා වන්නේ බෙන්ජමින් නෙතන්යාහුයි.
The post බෙන්ජමින් නෙතන්යාහුට බරපතල ගැටලු රැසක් appeared first on ITN News.
Post a Comment