Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටින පිරිසට සහන සැළසීමට නාවික හමුදාවෙන් තවත් සහන කණ්ඩායම් 03ක්  

Add comments

පවත්නා අධික වර්ෂාව හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටින ජනතාව මුදා ගැනීමට සහ සහන සැළසීමට තවත් නාවික හමුදා සහන කණ්ඩායම් 03ක් ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානමක් සහිත ප්‍රදේශවල ස්ථානගත කිරීමට අද ( 14) සවස කටයුතු කෙරිණි.

මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ කූරවලාන හා බියගම ප්‍රදේශ ආවරණය වන පරිදි සහන කණ්ඩායම් දෙකක්ද (02) ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ එක් සහන කණ්ඩායමක් ද මෙලෙස ස්ථානගත කරන ලදී. ඒ අනුව මේ වන විට ගම්පහ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක තුළ ගංවතුර අවදානමක් සහිත ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් ස්ථාන ගතකරමින් එම ප්‍රදේශවල ආපදාවට පත් ජනතාව වෙත අවශ්‍ය සහයෝගය සහ සහන ලබා දෙමින් සිටී.

එමෙන්ම, පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මහජනතාවට සහන සැළසීමට හා අවශ්‍යතාවය මත කඩිනමින් ක්‍රියාත්මක වෙමින් අවශ්‍ය ඕනෑම විටක අමතර සහන කණ්ඩායම් යෙදවීමට නාවික හමුදාව සූදානමින් සිටී.

The post ගංවතුරෙන් ආපදාවට පත්ව සිටින පිරිසට සහන සැළසීමට නාවික හමුදාවෙන් තවත් සහන කණ්ඩායම් 03ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG