Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයේ ගැටුම් ඇරඹී දින 8යි – ඊයේත් 42 ක් මිය යයි  

Add comments

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට රොකට් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අදට දින අටක් ගතවී තිබෙනවා. ප්‍රහාර හේතුවෙන්  ඊයේ දිනයට මිය ගිය සංඛ්‍යාව හතලිස් දෙකක් බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

පසුගිය පැය 24 ක කාලය තුළ ගාසා තීරයට ගුවන් ප්‍රහාර අසූවක් පමණ එල්ල කිරීමට ඊශ්‍රායලය කටයුතු කළා. පලස්තීන කැරලිකරුවන් පසුගිය සතියක කාලය තුළදී ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර තුන් දහසකට අධික සංඛ්‍යාවක් එල්ල කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ සදහන් කරන්නේ.

දෙපාර්ශවයේ ගැටුම් හේතුවෙන් කලාපය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් විය හැකි බවට ජගත් සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් අනතුරු අගවනවා. ලොව බලවතුන් මැදිහත් වී මෙම ගැටුම් හැකි ඉක්මනින් නවතාලිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

 

The post ගාසා තීරයේ ගැටුම් ඇරඹී දින 8යි – ඊයේත් 42 ක් මිය යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG