Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලය පලස්තීනයට යුද ප්‍රකාශ කරයි  

Add comments

ගාසා තීරයේ උණුසුම තවදුරටත් උග්‍ර කරමින් පලස්තීනයට එරෙහිව ගොඩබිමෙන් යුද ප්‍රකාශ කිරීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අතිරේක බලඇණි සහ යුද ටැංකි ගාසා දේශ සීමාවේ දැනටමත් ස්ථාපිත කිරීමටයි ඊශ්‍රායලය කටයුතු  කර තිබෙන්නේ.

මීට දින කිහිපයකට පෙර ආරම්භ වූ ගාසා තීරයේ ගැටුම් දිනෙන් දින උත්සන්න වන බවයි වාර්තා වන්නේ. මෙතෙක් ඊශ්‍රායලය සහ පලස්තීනය ගුවනින් ප්‍රහාර එල්ල කර ගනු ලැබුවා. එම ප්‍රහාර වලින් පලස්තීනුවන් එකසිය දහ නව දෙනෙකු සහ ඊශ්‍රායල වැසියන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තුවාල ලැබූ සංඛ්‍යාව 800 ඉක්මවා ගිය බවයි වාර්තා වන්නේ. වටලනු ලැබූ පලස්තීන කදවුර අසල ඊශ්‍රායල හමුදා සහ යුද ටැංකි යොදවමින් තම බලය තර කර ගැනීමට ඊශ්‍රායලය කටයුතු කරමින් සිටිනවා.

මේ අතර    හමාස් සංවිධානය ඉදිරිපත් කරන ලද සටන් විරාම ඉල්ලීම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතික්ශේප කර තිබෙනවා. ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊශ්‍රායල අගමැතිවරයා ඊයේ දිනයේ දී විශේෂ කැබිනට් රැස්වීමක් කැදවා තිබුණා. එහිදී ඔහු සදහන් කළේ හමාස් සංවිධානය යටත් වන තෙක් සියලුම ඉලක්ක වෙත ගුවනින් ප්‍රහාර එල්ල කරන බවයි.

 

 

The post ඊශ්‍රායලය පලස්තීනයට යුද ප්‍රකාශ කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG