Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ධීවරයන්ට සහ නාවිකයන්ට කාලගුණයෙන් දැනුම්දීමක්  

Add comments

ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් කන්කසන්තුරය මන්නාරම හරහා කොළඹ දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ක් 70 ත් අතර විය හැකි බවත් මේ නිසා මෙම මුහුදු කළාපයේ නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිණිකොණ දිග අරාබි මුහුදේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 අතර විය හැකි බවත් මේ නිසා නැවත දැනුම් දෙන තුරු මෙම මුහුදු කලාපයේ ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.

එසේම කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු කළාපයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 55 ත් 60 අතර විය හැකි බවත් මෙම කළාපයේ නාවුක සහ ධීවර කටයුතු වල නිරත සිරිස් මේ පිළීබද අවධානය යොමු කරන ලෙසත් නිවේදනය කර ඇත.

කෙසේ වෙතත් ගිණිකොණ දිග අරාබි මුහුද අශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට වර්ධණය වී ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් එළබෙන 18 වන දින වන විට ඉන්දියාවේ ගුජරාට් සහ පාකිස්ථානු වෙරළ තීරයට ඇතුල් වනු ඇති බවට පුරෝකථනය කරයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට දැනට පවතින අයහපත් කාලගුණික තත්වය ක්‍රමයෙන් අඩුවනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ඉදිරි දින වල දී ද උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත් වල ගොඩබිම සුළං තත්වය පැයට කිලෝමීටර් 50 ත් 60 අතර විය හැකි බවත් සෙසු පළාත්වල සුළං තත්වය පැයට කිලෝමීටර් 40 -50 දක්වා වැඩි විය හැකි බවත් නිවේදනය කර ඇත.

පවතින අයහපත් කාලගුණික තත්ය නිසා නායයාම, පස්කන්ඩි කඩාවැටීම, පහත් බිම් සහ ගංවතුර අවදානම් ප්‍රදේශවලට ඇතිවිය හැකි හානි අවම කර ගැනීමටත් අකුණු අනතුරු අවම කර ගැනීම සදහාත් අවධානය යොමු කරන ලෙසත් විශේෂයෙන්ම පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් ගංවතුර තත්වයක් ඇති වුවහොත් එම තත්වය පාලනය කරගනිමින් ජීවිත සහ දේ පළ ආරක්ෂා කර ගැනීම කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.

The post ධීවරයන්ට සහ නාවිකයන්ට කාලගුණයෙන් දැනුම්දීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG