රට සම්පූර්ණයෙන් වසා දැමීමට හෝ රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට හෝ තීරණය කර නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අවශ්‍ය වුවහොත් බස්නාහිර පළාත ඇතුළු තෝරාගත් පළාත් අතර අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සංචරණ කටයුතු සීමා කිරීමට ඉඩ තිබෙන බව යුධ හමුදාපතිවරයා සඳහන් කරනවා.
සංචරණ සීමා පැණවීමට කටයුතු කළද ජනතාවගේ සාමාන්‍ය ජනජීවිතයට බාධා එල්ල නොවනු ඇති බවත්, ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සම්පූර්ණ කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
The post රට සම්පූර්ණයෙන් වසා දමන්නේ නැහැ – පළාත් අතර සංචරණ සීමා පැනවිය හැකියි – යුද හමුදාපති appeared first on ITN News.
Post a Comment