Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රෝහල් ආශ්‍රිත වාට්ටු සංකීර්ණ හා ඇදන් සැකසීම කඩිනමින්ම  

Add comments

වැඩිවන කොරෝනා ව්‍යාප්තියත් සමග කඩිනමින් ප්‍රතිකාර සේවා වැඩපිළිවෙළද පුළුල් කෙරුණා.

ඇති විය හැකි තත්ත්වයට මුහුණ දීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව රෝහල් ආශ්‍රිතව තාවකාලික වාට්ටු සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. වැඩපිළිවෙළේ මූලික අදියර යටතේ වතුපිටිවල,  මිනුවන්ගොඩ,  කහවත්ත,  මීරිගම,  දඹදෙණිය,  අම්බලන්ගොඩ,  නාගොඩ,  කොස්ගම,  පිඹුර,  නවගමුව,  මාතර කොටවිල,  මුල්ලේරියාව සහ පානදුර යන රෝහල් ආශ්‍රිතව මෙම වාට්ටු සංකීර්ණ ඉදිකෙරෙනවා.  මේ සදහා රජය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු මුදලක් වැය කෙරෙන්නේ නැහැ.

අම්බලන්ගොඩ පොල්වත්ත ග්‍රාමීය රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නව කොරෝනා වාට්ටුවක් ඉදි කෙරෙමින් පවතිනවා. මෙය ඇදන් 80 කින් සමන්විතයි. ඉදිකිරීම් කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළා.

මේ අතර දින 10 ක් තුළ රෝගීන් වෙනුවෙන් ඇදන් දසදහසක් සකස් කිරීමේ කටයුතු ද මේ වනවිට ක්‍රියාත්මකයි. රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව තුළද රෝහල් ඇදන් තොගයක් සකස් කෙරෙමින් පවතිනවා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම කටයුතු නිරීක්ෂණය කළා. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මැදිහත්වීමෙන් මෙම ඇදන් සකස් කිරීම සිදුවනවා.

ඒකල  පිහිටි රජයට අයත් ලක්දින ඉංජිනේරු සමාගම ද කොරෝනා රෝගීන් සදහා ඇදන් නිර්මාණය කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ උපදෙස් අනුවයි. තමන් සිදුකරන බස්රථ අලුත්වැඩියාවට අමතරව කාලීන අවශ්‍යතාවක් සේ සලකා රෝහල් ඇදන් සැකසීම සිදුකරන බවයි එම සමාගමේ සභාපති කුෂාන් වෑගොඩපොල මහතා ප්‍රකාශ කළේ.

රත්මලාන වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මානව සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේ හා යාන්ත්‍රික වැඩපොළේද ඇදන් සැකසීම සිදු වනවා. මෙම ස්ථාන‌යේ ඇදන් දහසක් නිර්මාණය කිරීම අපේක්ෂාවයි. එම කටයුතු සිදුවන ආකාරය අමාත්‍ය නාමල් රාජපක්ෂ,  රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න හා ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන් නිරීක්ෂණය කළා.

මහියංගනය ඔරුබැදි වැව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඇදන් තොගයක් සකස් කෙරෙමින් පවතිනවා. රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා මෙම ස්ථානයට පැමිණ අවශ්‍ය කටයුතු සොයා බැලුවා.

 

 

The post රෝහල් ආශ්‍රිත වාට්ටු සංකීර්ණ හා ඇදන් සැකසීම කඩිනමින්ම appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG