චීනයේ හැන්ග්සෝව් ප්‍රදේශයේ සත්වෝද්‍යානයකින් පැනගිය දිවියන් තිදෙනාගෙන් එක් දිවියෙකු තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චීනයේ හැන්ග්සෝව් හි පිහිටි සත්වෝද්‍යානයෙන් මෙම දිවියන් තිදෙනා පලායාමත් සමග ඔවුන් සෙවීමට විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවනු ලැබුවා. දැඩි පරිශ්‍රමයකින් අනතුරුව පළාගියව දිවියන් තිදෙනාගෙන් දෙදෙනෙකු සොයා ගැනීමට සත්වෝද්‍යාන බලධාරීන් සමත්ව තිබෙනවා.
කෙසේ වෙතත් තවත් එක් දිවියෙකු සොයා ගැනීමට මෙතෙක් හැකිව නැහැ. සත්වෝද්‍යාන වාර්තා සදහන් කරන්නේ මෙම සොයාගැනීමට නොහැකි වූ දිවියාගේ ශක්තිමත් භාවය මේ වන විට හීන වී ඇති බැවින් එම සත්වයාගෙන් බාහිර පුද්ගලයින්ට සිදුවිය හැකි හානිය ඉතා අවම බවයි.
The post චීනයේ සත්වෝද්‍යානයකින් පැනගිය දිවියන් තිදෙනාගෙන් දෙදෙනෙකු සොයා ගැනේ appeared first on ITN News.
Post a Comment