Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පලස්තීනයේ ගාසා තීරයට එල්ල වුණු ගුවන් ප්‍රහාර වලින් විසි දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

පලස්තීනයේ ගාසා තීරයට එල්ල වුණු ගුවන් ප්‍රහාර වලින් පුද්ගලයින් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ මෙම ප්‍රහාර වලින් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. මිය ගිය අය අතරට ළමුන් ද ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. මේ ප්‍රහාර දියත් කෙරුණේ හමාස් සංවිධානය ජෙරුසෙලම ඇතුලු ඊශ්‍රායල ඉලක්ක වෙත රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුවයි.

මේ අතර ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම් වහා නැවැත්වීමට පියවර ගත යුතු බවට ඇමරිකා එක්සත් ජනපදය , යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ගෝලීය වසංගතයක් පවතින මෙවන් මොහොතක මිනිස් ජීවිත වෙඩි උණ්ඩයට ලක් වීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

 

 

The post පලස්තීනයේ ගාසා තීරයට එල්ල වුණු ගුවන් ප්‍රහාර වලින් විසි දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG