Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තොග වෙළෙදාම සදහා හෙට සිට පිටකොටුව ඇරේ  

Add comments

පිටකොටුව තොග වෙළෙදාම සදහා පමණක් හෙට සිට වෙළෙදුන්ට අවසර ලබාදී ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ සදහා තමන්ට අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය නිකුත් කළ අවසර පත්‍රයක් අත්‍යවශ්‍ය බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරන ලෙස දැනුම් දී තිබීමත් සමග ගොවි ජනතාව එළවළු තොග රැගෙන විත් තිබුණා. එහෙත් තොග වෙළෙදුන් පැමිණ නොසිටීම හේතුවෙන් එළවළු අලෙවි කිරීමට නොහැකිව ඔවුන් දැඩි දුෂ්කරතාවට පත්වුණා. ඒ සමග එම එළවළු තොග නොමිලේ ප්‍ර දේශයේ ජනතාවට බෙදාදීමට කටයුතු කිරීමත් සමග දහස් ගණන් පිරිස් පෝලිම්ගැසී එළවළු ලබාගන්නා ආකාරය දැකගත හැකිවුණා.

මේ අතර තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ දිනයේ ගොවි ජනතාව රැගෙන ආ අස්වනු මිලදී ගැනීමට රජය කටයුතු කළා.

හුදෙකලා කර ඇති ප්‍ර දේශවල අඩු ආදායම් ලාභී පවුල් සදහා රුපියල් පන්දහසක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ආහාර ඇතුළත් සහන මල්ලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් බෙදාහැරීම සදහා සහන මළු පන්දහසක් හිගුරක්ගොඩ සතොස ශාඛා පරිශ්‍රයේ සූදානම්කර තිබෙනවා. ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ උපදෙස් මත මෙම සහන මළු බෙදාහැරීම සිදුකෙරෙනවා.

 

 

The post තොග වෙළෙදාම සදහා හෙට සිට පිටකොටුව ඇරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG