Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කටුනායක අපනයන සැකසුම් කළාපය තුළ කොවිඩ් එන්නත්කරණයට නාවික හමුදා සහය  

Add comments

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ කටුනායක අපනයන සැකසුම් කළාපය තුළ කොවිඩ් 19 අවදානම හමුවේ සේවාවන් සපයන කර්මාන්ත ශාලා සේවකයින් වෙත “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම නාවික හමුදාව විසින් අද (15) කටුනායක අපනයන සැකසුම් කළාපයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා එක්ව සිදු කෙරිණි.

ඒ අනුව, කොවිඩ් 19 අවදානම හමුවේ අපනයනය සදහා නිශ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන කටුනායක අපනයන සැකසුම් කළාපයේ කර්මාන්තශාලා 05ක සේවක සේවිකාවන් සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් අතුළු 500 දෙනෙකු සඳහා “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම නාවික හමුදා වෛද්‍ය කාර්යමණ්ඩලයක් මගින් අද දින සිදු කෙරුණු අතර, ඉදිරි සතිය තුල තවත් කර්මාන්තශාලා 48ක් පමණ ආවරණය වන පරිදි මෙම එන්නත්කරණ වැඩසටහන කටුනායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා එක්ව නාවික හමුදාව විසින් සිදු කිරීමට නියමිතව ඇත.

The post කටුනායක අපනයන සැකසුම් කළාපය තුළ කොවිඩ් එන්නත්කරණයට නාවික හමුදා සහය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG