Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගහරු මතට චීනය යානයක් ගොඩබස්වයි  

Add comments

චීන අභ්‍යවකාශ වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වූ අගහරු ගවේශනයේ දී චීනය අගහරු ග්‍රහයා මතට සාර්ථකව යානයක් ගොඩබස්වා තිබෙනවා.

චීනයේ පළමු අගහරු රෝවරය රැගත් ලෑන්ඩරය අද අළුයම සාර්ථකව අගහරු ග්‍රහයා මතට ගොඩබැස්වූ බව චීනය නිවේදනය කරනවා. පෘථිවිය හැර වෙනත් ග්‍රහ ලෝකයකට චීනය රෝවරයක් යොමු කළ පළමු අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ. ෂූරොන් නමින් හදුන්වන කිලෝ ග්‍රෑම් 240 ක බරකින් යුත් රෝද හයකින් සමන්විත රොබෝ යානය සූර්ය පැනල මගින් බල ගන්වා තිබෙනවා. පෘථිවියේ සිට අගහරු ග්‍රහයා වෙත පවතින දුර කිලෝමීටර් මිලියන 320 ක් වන අතර අගහරු ග්‍රහයා මත පළමු වරට අභ්‍යවකාශ යානයක් ගොඩබස්වනු ලැබුවේ ඇමරිකාව විසින්.

ඒ අනුව අගහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්වූ දෙවන රට බවට චීනය පත් වනවා.

 

 

 

The post අගහරු මතට චීනය යානයක් ගොඩබස්වයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG