Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කථානායක හමුවෙයි  

Add comments

ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ මහකොමසාරිස් තාරික් ඉස්ලාම් මහතා ඊයේ (17) පෙරවරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

කථානායක නිල නිවසේදී සිදුවූ මෙම හමුවේදී දෙරටෙහි පවතින කොවිඩ් වසංගත තත්ත්වය ඇතුළු කරුණු ගණනාවක් පිළිබද සාකච්ඡා ‍විය. ශ්‍රී ලංකාව සමග නිරතුරුව මිත්‍රශීලි රටක් ලෙස කටයුතු කරන බංග්ලාදේශය නිරතුරුව ලබා දෙන සහයෝගයන් පිළිබදව කථානායකවරයා සිය ස්තුතිය මහකොමසාරිස්වරයාට පළකර සිටියේය.

ශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර රෙදි කර්මාන්තය දියුණු කිරීම, ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව ආදී ක්ෂේත්‍ර කිහිපයක් සදහා බන්ග්ලාදේශය සිය මගපෙන්වීම ලබා දීමට සූදානම් බවද මහකොමසාරිස්වරයා පැවසීය.
බංග්ලාදේශයේ ඇගලුම් කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ශ්‍රී ලාංකිකයන් රැසක් ඉහල කළමණාකාර තනතුරු දරමින් එරට ආර්ථිකයට ලබා දෙන දායකත්වයද මහකොමසාරිස්වරයාගේ ඇගයීමට ලක්විය.

ශ්‍රී ලංකා බංග්ලාදේශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය 9 වැනි පාර්ලිමේන්තුව සදහා පිහිටුවීම පවතින කොවිඩ් තත්ත්වය නිසා පමාවී ඇති බවත් ඉන් අනතුරුව දෙරට අතර සබදතා තවදුරටත් ශක්තිමත් වන බවත් කථානායකවරයා මෙහිදී පැවසීය.

The post ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කථානායක හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG