Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්පුට්නික් වී එන්නත් මාත්‍රා තොගයක් ලබන අගඟරුවාදා මෙරටට  

Add comments

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ලබන අගහරුවාදා ලැබීමට නියමිත බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ යටතේ මාත්‍රා එක් ලක්‍ෂ අසූපන්දහසක් ගෙන ඒමට නියමිතයි. මේ අතර දිවයින පුරා එන්නත් ලබා දීමේ වැඩසටහන් ද ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය නිකුත් කළ නිවේදනයකට අනුව මේ වන විට නවලක්‍ෂ විසිපන්දහස් දෙසීය හතළිස් දෙදෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන්. එම එන්නතේ දෙවන මාත්‍රාව ද දෙලක්‍ෂ අනූදෙදහස් හාරසිය පනස් හත් දෙනෙකුට ලබා දී තිබෙනවා. සයිනොෆාම් එන්නත ද හාරලක්‍ෂ විසිහතර දහස් අටසිය විසිතුන් දෙනෙකුට ලබා දීමට හැකි වුණා. එහි 2 වන මාත්‍රාව 2435 දෙනෙකු මේ වන විට ලබාගෙන තිබෙනවා. ස්පුට්නික් වී එන්නත ලබා දී ඇති සංඛ්‍යාව 14699 ක්.

මාධ්‍යවේදීන් හා රජයේ කාර්ය මණ්ඩලවලට එන්නත් ලබා දීම ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණා. දහසකට වැඩි පිරිසක් සදහා සයිනොෆාම් එන්නත ලබා දුන් බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මීරිගම නගරයේ වෙළෙද ප්‍රජාව හා සාමාන්‍ය ජනතාවට එන්නත් ලබා දීම මීරිගම ශාසන වර්ධන පිරිවෙනේදී සිදුකෙරුණා. එන්නත් මාත්‍රා දහසකට ආසන්න සංඛ්‍යාවක් ලබා දීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා.

දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ද කෝවිඩ් එන්නත් ලබා දීම පුගොඩ ප්‍රදේශයේදී සිදු කළා. කෝවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශවල ජනතාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් එන්නත් ලබා දීම සිදුකෙරුණු බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ. දින 3 ක් තුළ පුද්ගලයන් හයදහසකට ආසන්න පිරිසකට එන්නත් ලබා දී තිබෙනවා.

හොරණ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුලු සෙසු සේවකයන්ට කොරෝනා එන්නත් ලබා දීම සිදුකෙරුණා. හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් 300 කට වැඩි පිරිසකට සයිනොෆාම් එන්නත මෙහිදී ලබා දී තිබෙනවා.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ චීන කොටුව ප්‍රදේශයේ ජනතාවට එන්නත් ලබා දීම ද සාර්ථක ලෙස සිදුකෙරුණා. ඒ චීන කොටුව අල් හුමෙසරා ජාතික පාසලේදීයි.

දිවුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ දසදහසකට වැඩි පිරිසකට කෝවිඩ් එන්නත් ලබා දීම සිදුකර තිබෙනවා. දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හල්ඔලුව කැළෑගෙදර පරණ හන්දිය, කුලීගෙදර ආදී ග්‍රාම සේවා කොට්ඨාස කිහිපයක ජනතාවට එන්නත් ලබා දීම රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරුණා.

The post ස්පුට්නික් වී එන්නත් මාත්‍රා තොගයක් ලබන අගඟරුවාදා මෙරටට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG