May
31
කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩලීම සදහා ගෝලීය වශයෙන් එකගතාවකට පැමිණීමට කාලය එළඹ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හ්නෝම් පවසන්නේ වෛරසය පාලනයට සූදානම් වීම හා ඒ සදහා ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට තවමත් ලෝකය සූදානම් නොමැති බවයි.
ඒ හේතුවෙන් ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සදහා අවශ්‍ය ගෝලිය ඒකගතාවකට එළඹිය යුතු බව ද ඔහු පවසනවා. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර ලබා දීමේදී තිරසර හා නම්‍යශීලී පිළිවෙතක් සාමාජික රටවල් අනුගමනය කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දෙනවා.
The post කොරෝනා මැඩලීමට ගෝලීය වශයෙන් එකඟතාවකට පැමිණීමට කාලය එළඹ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි appeared first on ITN News.
Post a Comment