Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

May 31

ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනා ප්‍රභේද හඳුන්වාදීමට ග්‍රීක අක්ෂර යොදාගනී  

Add comments

කොරෝනා වයිරසයේ නව ප්‍රභේද නම් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා.

බ්‍රිතන්‍යයෙන්, දකුණු අප්‍රිකාවෙන්  හා ඉන්දියාවෙන් හමුවූ කොරෝනා වයිරස නව ප්‍රභේද හැඳින්වීමට මෙම නව නාමකරණය හඳුන්වා දී ඇත්තේ. ඒ සඳහා ග්‍රීක අක්ෂර යොදාගෙන ඇති බව වාර්තා වනවා. බ්‍රිතාන්‍ය ප්‍රභේදය හැඳින්වීම‌ට ඇල්ෆා අක්ෂරය ද දකුණු අප්‍රිකා ප්‍රභේදයට බීටා අක්ෂරය ද ඉන්දියානු නව ප්‍රභේදය හැඳින්වීමට ඩෙල්ටා අක්ෂරය ද යොදාගෙන ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. මෙම නව නාමකරණය තුළින් නව වයිරස ප්‍රභේදයන් හැඳින්වීමේ දී මතුවන ගැටලුකාරී තත්ත්වය වලක්වාලිය හැකි බව එම සංවිධානය තවදුරටත් පවසනවා. ඉන්දියාවෙන් හඳුනාගත් වයිරස ප්‍රභේදය ඉන්දියානු ප්‍රභේදය ලෙස හැඳින්වීම ඉන්දීය රජයේ දෝෂ දර්ශනයට ලක්වීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

 

 

The post ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනා ප්‍රභේද හඳුන්වාදීමට ග්‍රීක අක්ෂර යොදාගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG