ඇස්ට්‍රා සෙනෙකා මාත්‍රා මිලියන දෙකක් ආර්ජන්ටිනාව වෙත ලැබී තිබෙනවා. ඒ පසුගිය වසරේ අග භාගයේ සිට ආර්ජන්ටිනාව වෙත ලැබීමට තිබූ කොවිඩ් මර්දන එන්නත් තොගයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ආර්ජන්ටිනාවේ ජනගහනයෙන් මිලියන 12.1 ක් මේ වනවිට කොවිඩ් මර්දන එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගෙන තිබෙනවා. මාත්‍රා දෙකම ලබාගත් ගණන මිලියන 2.7ක්. මිලියන 45 ක් වන එරට ජනගහනයෙන් අඩකටත් වඩා එන්නත්කරණයට ලක් කිරීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා රෝගයෙන් දැඩිව පීඩාවට ලක්වෙන රටක් ලෙස ආර්ජන්ටිනාව සැලකෙන අතර එරට එන්නත් කරණයද ක්‍රමානුකූලව සිදු නොවන බවට ආර්ජන්ටිනා රජයට චෝදනා එල්ල වනවා.
The post ඇස්ට්‍රා සෙනෙකා මාත්‍රා මිලියන දෙකක් ආර්ජන්ටිනාවට appeared first on ITN News.
Post a Comment