තුර්කියෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අවම වීමත් සමගම පනවා ඇති වසා දැමීමේ නීති ලිහිල් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව තුර්කියේ සති අන්තයේ දී ක්‍රියාත්මක වසා දැමීමේ නීති ලිහිල් කර ඇති බව එරට රජය නිවේදනය කරනවා. සීමිත පිරිසක් සදහා ආපනශාලා හා අවන්හල්ද විවෘත වන බවයි වාර්තා වන්නේ. දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව පහල බැසීමත් සමගම මෙම පියවර ගෙන ඇති අතර රාත්‍රි කාලයේ දී ක්‍රියාත්මක ඇදිරිනීතිය ක්‍රියාත්මක වීම පැයකින් ප්‍රමාද කර තිබෙනවා. මේ වනවිට එරටින් ආසාදිතයින් පනස් දෙලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව හතලිස් හත් දහස් පන්සිය විසි හතක්.
The post තුර්කියේ වසා දැමීමේ නීති ලිහිල් කෙරේ appeared first on ITN News.
Post a Comment