නානුඔය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පොහොර මිටි 129ක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැණුනා.
වැඩි මිලට අලෙවි කිරීම සඳහා මේවා සඟවා තිබී ඇති බවටයි හෙළිවී තිබෙන්නේ. නානුඔය නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය සහ පොහොර අලෙවිකරන ව්‍යාපාරිකයෙකු වැඩි මිලට රහසිගත ලෙස පොහොර ලබාදෙන බවට පාරිභෝගික සේවා අධිකාරියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව උපයා දූතයෙකු යොදවමින් වැටලීම සිදුකෙරුණා. පොහොර කිලෝ 50 මිටි 129ක් සඟවා තිබියදී සොයා ගැනීමට එහිදී හැකිවුණා. එම පොහොර තොගය පාරිභෝගික සේවා අධිකාරියේ භාරයට ගැනීමෙන් පසු ආරක්ෂිත ස්ථානයක ගබඩා කර මුද්‍රා තැබීමට පියවර ගැණුනා.
The post නිවසක සඟවා තිබූ පොහොර මිටි 129ක් සොයා ගැනේ appeared first on ITN News.
Post a Comment