ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් ග්රහණයෙන් මිදී පලා යාමට නොහැකි වූ පිරිස් අර්බුද රැසකට මුහුණ පා සිටිනවා.
තලෙයිබාන් පාලනය ප්රතික්ෂේප කරන බොහෝ පිරිස් ගොඩබිම් මාර්ග ඔස්සේ සරණාගතභාවය පතා අසල්වැසි රටවලට ඇතුලුවීමේ බලාපොරොත්තුවෙන් දේශසීමා ආසන්නයේ තාවකාලික කූඩාරම් ඉදිකිරීමට කටයුතු කර තිබෙනවා. 20 වසරක මෙහෙයුම් අවසන් කරමින් මීට දින දෙකකට පෙර ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටි අමෙරිකා සහ නේටෝ හමුදා එරටින් ඉවත් කර ගැනීමට අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළා. ලක්ෂයකට අධික පිරිසක් තලෙයිබාන් ග්රහණයෙන් මිදී ගුවන් මගින් වෙනත් රටවල් කරා පැන ගිය අතර රටින් පිටවීමට නොහැකි ව අසරණ වූ පිරිස් දේශසීමා හරහා ගොඩබිම් මාර්ගයෙන් අසල්වැසි රටවල් වෙත පිවිසීම ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මඟින් පෙන්වා දී තිබෙනවා.
The post තලෙයිබාන් ග්රහණයෙන් මිදී පලා යාමට නොහැකි වූ පිරිස් අර්බුද රැසක appeared first on ITN News.
Post a Comment