Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවයි  

Add comments

පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති සඳහා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් දෙස් විදෙස් ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

මෙගාවොට් පනහ හෝ ඊට වැඩි පුනර්ජනනීය බලාගාර සඳහායි මෙලෙස යෝජනා කැඳවන්නේ. මෙහිදී දේශීය ආයෝජකයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. නව ආයෝජකයන් 2007 අංක 35 දරණ පුනර්ජනනීය බලශක්ති අධිකාරි පනතේ සුදුසුකම් සපුරා තිබීම අනිවාර්ය වනවා. යෝජනා ඉදිරිපත් කිරීමේ ලේඛනය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි. අදාළ යෝජනා infor@energy.gov.lk විද්‍යුත් ලිපිනයට හෝ ලේකම් සූර්යබල සුළං හා ජලවිදුලිජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය අංක 437 ගාලුපාර කොළඹ 3 යන ලිපිනයට පැමිණ හෝ ලියාපදිංචි තැපෑලෙන් භාරදිය හැකියි. යෝජනා භාර ගන්නා අවසන් දිනය නොවැම්බර් පළමුවනදායි.

 

 

The post පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG