විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 තරග අදින් ආරම්භ වනවා.
පළමු කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය හා බංග්ලාදේශය තරගවදිනවා.
දෙවන කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, ස්කොට්ලන්තය, නවසීලන්තය, නැමීබියාව හා ඇෆ්ගනිස්ථානය තරග කරනවා.
සුපිරි කණ්ඩායම් 12 පළමු තරගය ලෙස අද ක්‍රියාත්මක වන්නේ ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර තරගයයි. රාත්‍රීයේ දී බටහිර ඉන්දීය කොදෙව් හා එංගලන්තය අතර තරගය පැවැත්වෙනවා.
සුපිරි කණ්ඩායම් 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය හෙට පැවැත්වෙන්නේ බංග්ලාදේශය සමගයි. මෙම එක් කාණ්ඩයකින් ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබාගන්නවා.
The post විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය අදින් ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment