Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උදාර රණවිරුවෙකු ශාසනයට කළ දේපොල පූජාව  

Add comments

මව්බිම වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ උදාර රණවිරුවෙකු සිදුකළ තවත් උතුම් මානුෂීය සහ ශාසනික මෙහෙවරක් පිළිබදව අපට වාර්තා වුණා.

කොටි ත්‍රස්තවාදීන් මාවිල්ආරු සොරොව්ව වසාදමමින් ජනතාවගේ ජල අයිතියද උදුරා ගනිමින් අමානුෂික ක්‍රියාමාර්ගයක නිරත වන මොහොතේ දී මාවිල්ආරු සටනේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේ උදාර රණවිරුවෙකු වූ මේජර් ජෙනරාල් චන්ද්‍රසිරි ජයම්පති තිලකරත්න මහතායි.

අද විශ්‍රාමික සුවයෙන් පසුවන චන්ද්‍රසිරි ජයම්පති මහතා සිය පිය උරුමයෙන් ලැබුණු දේපොල මහා සංඝරත්නයට පූජා කිරීමට කටයුතු කර තිබෙනවා. වේයන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ පිහිටි මෙම ඉඩම වෙළෙදපොල වටිනාකම අතින් ඉතා ඉහළ වූවක් බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහා මෙම බිම්කොටස පැවරීමට මේජර් ජෙනරාල් චන්ද්‍රසිරි ජයම්පති තිලකරත්න මහතා කටයුතු කළා. මහා සංඝරත්නය වෙත මෙම ඉඩම පූජා කිරීම සිදුකෙරුණේ ඒ මහතාගේ 101 හැවිරිදි මව වන විශ්‍රාම ලත් විදුහල්පතිනි ලීලාවතී තිලකරත්න මහත්මියගේ අතින්.

දඩගමුව රජමහා විහාරයේ විහාරවාසී පූජ්‍ය කරදටියන ඥානානන්ද ස්වාමීන් වහන්සේ වෙත ඉඩමේ හිමිකම පැවරීම සිදුවුණා. ශ්‍රී තිලකරත්න බෞද්ධ මධ්‍යස්ථානය ලෙස මෙම ස්ථානය සංවර්ධනය කිරීමට නියමිතයි.

 

The post උදාර රණවිරුවෙකු ශාසනයට කළ දේපොල පූජාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG