වයස අවුරුදු 16 – 19 අතර වයස් කාණ්ඩවල සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීම තෝරාගත් මධ්‍යස්ථානවලදී සාර්ථකව සිදුවනවා.
බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී එන්නත් ලබාදීම සිදු කෙරෙන්නේ සෑම සෙනසුරාදා දිනකම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී සිසුන්ට එන්නත් ලබාදීමේ වැඩසටහනට අනුවයි.
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ද වයස අවුරුදු 16 ත් 19 ත් අතර පාසල් සිසු සිසුවියන්ට ෆයිසර් එන්නත ලබාදීම අද ආරම්භ කෙරුණා. ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 16 ත් 19 ත් අතර වයස් කාණ්ඩයේ පාසල් සිසු සිසුවියන්ට ෆයිසර් එන්නත ලබාදීම ආරම්භ කර තිබෙනවා.
හිගුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ එන්නත්කරණ වැඩසටහනට පාසල් 4 ක සිසු දරු දැරියන් එක්ව සිටියා.
කළුතර ධර්මපාල විද්‍යාලයේදී ද පාසල් සිසුන්ට එන්නත් ලබාදීම ආරම්භ කෙරුණා. සිසු සිසුවියන් 264 දෙනෙකුට එහිදි ෆයිසර් එන්නත ලබාදීමටයි කටයුතු කෙරුණේ.
මහනුවර මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් සිසුන් 3800 කට ෆයිසර් එන්නත ලබාදීම හසලක රණසිංහ ප්‍රේමදාස විද්‍යාලයේදී ආරම්භ වුණා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ද එම කටයුතු නිරීක්ෂණයට එක්ව සිටියා.
කොවිෂීල්ඩ්, සයිනොෆාම්, ස්පුට්නික්, ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වලින් කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති මෙරට පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි හතළිස් නව ලක්ෂ විසි අට දහස් දෙසිය හතළිස් අටක් වනවා. දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි තිස් ලක්ෂ තිස් අට දහස් හාරසිය හැට නවයක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
මේ අතර ඊයේ දිනයේ ද මෙරටින් කොරෝනා ආසාදිතයින් 552 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඒ අතුරින් 18661 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 502740 ක් බවයි සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත්තේ.ඊයේ වාර්තා කළ කොරෝනා මරණ 12 ද සමගින් මෙරට මරණ 13574 ක් වාර්තා වී තිබෙනවා.
The post වයස 16–19 අතර සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීම දිවයින පුරා සාර්ථකව appeared first on ITN News.
Post a Comment