නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා යාපනය නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍යෝත්සවයට සහභාගි වුණා.
නාගදීප පුරාණ රජමහා විහාරාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්තිතිස්ස ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි උතුරු නාවික විධානය මෙම කඨින පුණ්‍යෝත්සවය සංවිධානකර තිබුණා. කඨින පුණ්‍යෝත්සවයට සමගාමීව බෝධිපූජා පිංකමක් සහ සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් ද සංවිධාන කෙරුණා.
කඨින චීවරය නාගදීප රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නය 25 නමක් විෂයෙහි දහවල් දානය සහ පිරිකර පූජා කිරීම ද නාවික හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. නයිනතිව් දූපත් වාසීන් වෙනුවෙන් දිවා ආහාරය පිළිගැන්වීමට ද නාවික හමුදාව කටයුතු කළා.
නාගදීප විහාර පරිශ්‍ර යේ පොත්ගුල් විහාරයේ අභිනවයෙන් ඉදිකළ පිරිනිවන් මංචකය බැතිමතුන්ගේ වන්දනාමානය සදහා සසුනට පූජා කිරීම ද නාවික හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.
The post නාගදීප විහාරස්ථානයේ කඨින පුණ්‍යෝත්සවය නාවික හමුදාවේ සංවිධානත්වයෙන් appeared first on ITN News.
Post a Comment