වගා බිම්වලට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට ගොවීන් පෙළඹි සිටිනවා. මහවැලි බී කලාපයේ ගොවීන් හෙක්ටයාර එක්ලක්ෂ විසි අටදහසකට අවශ්‍ය කාබනික පොහොර මේ වනවිටත් නිපදවා අවසන්.
වස විසෙන් තොර වගාවක් සිදු කිරීමේ අරමුණින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි බී කලාපයේ ගොවීන් කාබනික පොහොර නිෂ්පාදනයට එක්වුණා. එම කලාපයේ හෙක්ටයාර එක්ලක්ෂ විසි අටදහසකට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට මෙම ගොවීන් කටයුතු කර ඇත්තේ ප්‍රදේශයේ පවතින සම්පත් උපයෝගී කර ගනිමින්. කාබනික පොහොර භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබද ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මහවැලි බී කලාපය තුළ ක්‍රියාත්මකයි.
රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාද වැලිකන්ද ප්‍රදේශයේදී ඊට එක්වුණා. කාබනික වගාවට ගොවීන් බිය නොවිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි සදහන් කළා.
***රංජිත්/ලක්ෂි/උපුල් ශාන්ත/අසංක*** 10.12
The post කාබනික වගාවට ගොවීන් බිය විය යුතු නැහැ – රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් appeared first on ITN News.
Post a Comment