Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසල් ආරම්භයට පෙර සූදානම හා ප්‍රවාහන පහසුකම් ගැන දී ඇති උපදෙස් පිළිපදින්න  

Add comments

සියලු පාසල්වල ප්‍රාථමික අංශ ලබන සදුදා සිට ආරම්භ කිරීමත් සමග අද දිනයේත් පාසල් පිරිසිදු කිරීම් කටයුතුවල දෙමව්පියන් සහ ගුරුවරුන් නිරතව සිටිනවා.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ දරුවන්ට පාසල් වෙත යාමට මෙන්ම අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමට පක්ෂ භේදයෙන් තොරව සියලුදෙනා සහාය දිය යුතු බවයි.

සියලු පාසල්වල ප්‍රාථමික අංශ ලබන 25 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.  අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවයට කැදවීම සම්බන්ධයෙන් මෙන්ම පාසල් ආරම්භ කිරීමට අදාළ පෙර සූදානම, ප්‍රවාහන පහසුකම් හා අනෙකුත් විශේෂ කරුණු සම්බන්ධයෙන් ලබාදී ඇති උපදෙස් ඒ අයුරින් පිළිපදින ලෙසයි අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

ඊයේ මෙන්ම අද දිනයේ ද සිසුන් 200 ට අඩු පාසල් පැවැත්වුණා. අද දිනයේදී ගුරුවරුන්ගේ මෙන්ම සිසුන්ගේද පැමිණීම ඊයේට සාපේක්ෂව ඉහළ මට්ටමක පැවති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. වව්නියාව / මුන්ඩිමුරුප්පුව ශ්‍රී ගුණානන්ද ප්‍රාථමික විදුහලේ සේවයට පැමිණෙන ගුරුවරුන් පිළිබද තොරතුරු සෙවීමට පැමිණි ලංකා ගුරු සංගමයේ නියෝජිතයින්ට බැන වැදී පලවා හැරීමට දෙමව්පියන් කටයුතු කර තිබෙනවා. සේවයට වාර්තා නොකරන ලෙස මෙම ගුරු සංගම් නියෝජිතයින් විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට තර්ජනය කර තිබීම හේතුවෙන් දෙමව්පියන් විදුහල් භූමියෙහි රැදී සිටියා. ඔවුන් පළවාහරින ආකාරය ජංගම දුරකතනයකින් පටිගතකර තිබුණේ මෙසේයි.

හොරණ අධ්‍යාපන කලාපයේ පාසල්වල ද අද දිනයේ දී ඉහළ ගුරු සහ සිසු සහභාගීත්වයක් පවතින බව අපට වාර්තා වනවා. උඩුව කණිෂ්ඨ විද්‍යාලය ද ඒ අතර වනවා.

රත්නපුර අධ්‍යාපන කලාපයේ ද සියලු පාසල්වල ඉහළ ගුරු සිසු සහභාගීත්වයක් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. හාන්දුකන්ද විදුහලේ ගුරුවරුන් සියලු දෙනාමත් දරුවන් සියලු දෙනාමත් අද දිනයේ පාසලට පැමිණ සිටීම විශේෂත්වයක්.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිසුන් 200 ට අඩු සියලු පාසල් ද අද දිනයේත් විවෘතව පවතිනවා. ඊයෙට වඩා ගුරුවරුන් වැඩි පිරිසක් අද දිනයේ ද පාසලට පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

 

The post පාසල් ආරම්භයට පෙර සූදානම හා ප්‍රවාහන පහසුකම් ගැන දී ඇති උපදෙස් පිළිපදින්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG