Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මගියාගේ පොකැට්ටුව දිහා බලා බස් ගාස්තු සංශෝධනයට ඇමති දිලුම් සූදානම්  

Add comments

බස් ගාස්තු සංශෝධනය සිදු වන ආකාරය ලබන බදාදා ප්‍රකාශ කරන බව රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහා පවසනවා. මගීන්ගේ ආර්ථික තත්ත්වය ගැන අවදානය යොමු කරමින් නව බස් ගාස්තු සංශෝධනයට කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටිය‌ේ.

මේ අතර 15%ත් 20%ත් අතර ප්‍රමාණයකින් නව බස් ගාස්තු සංශෝධනය සිදු විය හැකි බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහත්මයා ප්‍රකාශ කරන්නේ. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 20ක් විය හැකි බව ඔහු පවසනවා.

මේ අතර පෞද්ගලික බස් සංගම් සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර පැවති මෙම සාකච්ඡාවට බස් සංගම් දෙකකට ආරාධනා කර නොමැති බවට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා එල්ල කළා.

නව පාසල් වාරය ජනවාරි 03 වනදා ආරම්භ කිරීමට පෙර පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ සදහා ද යම් සහනයක් ලබා දෙන ලෙසයි සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගමය ඉල්ලීම් කරන්නේ.

මේ අතර ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බේකරි නිෂ්පාදනවල මිල සහ ආපනශාලාවල ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීම සිදු කළ යුතු වුවත් වැඩි මුදලකට ආහාර මිලදී ගැනීමට පාරිභෝගිකයන් නොමැතිව තම ව්‍යාපාර කටයුතු අඩාල වී ඇති බවට ව්‍යාපාරිකයන් පෙන්වා දෙනවා. කෙසේ වුවත් මින් ඉදිරියට බේකරි නිෂ්පාදනවල මිල සංගමයක් ලෙස ප්‍රකාශ නොකර සිටීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ද තීරණය කර තිබෙනවා.

 

 

The post මගියාගේ පොකැට්ටුව දිහා බලා බස් ගාස්තු සංශෝධනයට ඇමති දිලුම් සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG