බ්‍රිතාන්‍යයේ පළමුවරට දිනක් තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.
ඊයේ දිනයේ එරටින් වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ හයදහස් එකසිය විසිදෙකක් ලෙසයි සටහන්වී තිබෙන්නේ. මීට පෙර බ්‍රිතාන්‍යයේ දිනක් තුළ වැඩිම කොරෝනා රෝගීන් හදුනා ගැණුනේ පසුගිය 17 වනදායි. එය අනූතුන්දහස් හතලිස් පහකි.
මේ වනවිට බ්‍රිතාන්‍යය කොරෝනා මර්දන එන්නත්කරණය සාර්ථක ලෙස පහත්වාගෙන යාමට කටයුතු කරමින් සිටින බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.
The post බ්‍රිතාන්‍යයේ පළමුවරට දිනක් තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි appeared first on ITN News.
Post a Comment